ඇමරිකාවේ නිව්හැම්ෂයර් ප්‍රාන්තයෙන් තමන්ට මුස්ලිම් ජනතාවගෙ ඡන්ද අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ටගේ ආධාරකරුවන් පවසයි.
තම අපේක්ෂකයාට නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ උගත්, සුදු ජාතිකයන්ගේ ඡන්දය නිසැකවම ලැබෙන බවට බලාපොරොත්තු වන බවිය ට්‍රම්ප්ගේ ආධාරකරුවන් මාධ්‍යට පවසා ඇත්තේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අවස්ථා කිහිපයකදී මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කළ අතර රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරයා තේරීමේ සටනේ ඔහු ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.
එහෙත් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා තෝරා ගැනීම සදහා පසුගිය දා පැවති අයෝවා ප්‍රාන්තයේ ඡන්ද විමසීමේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා ජය හිමි කරගත්තේ ටෙඩී කෲස් විසින්.