Colombo Today Local News

“වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා” – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(31)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, තමන්ට නියම වූ දඩ මුදල ගෙවීම සඳහා කෙසේ හෝ කටයුතු කරමින් සිටින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

උපුටා ගැනීම

“මම අවුරුදු 15 දී 16 විතර බයිබලය කියවපු කෙනෙක් විදියට මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත් ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලා අද එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් ම සමාව ඉල්ලා සිටිනවා. මගේ පාලන කාලයේ මගේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව. ඒ වගේම කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා මම කිසි දෙයක් දන්නේ නැතුව මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙලා මේ ජීවිත විනාශවීම පිළිබඳව. මේ නඩුවේ පැහැදිළිවම කියලා තියෙන්නේ මම වැරද්දක් කළා කියලා නෙමෙයි. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් බරපතළ වැරැද්දක් කළහොත් ඒ වැරැද්දට ජනාධිපතිවරයාද වගකිවයුතු වන්නේය. අන්න ඒක තමයි මේ නඩු තීන්දුවේ ඡේදය මම සම්බන්ධයෙන් තියෙන. ඒ ඡේදය අනුව තමයි මට කෝටි 10 වන්දි ගෙවන්න තීන්දු කරලා තිබෙන්නේ. මම ඒක ගෞරවයෙන් පිළිගන්නවා. මට පුළුවන් විදියට මම ඒක හිතවතුන්ගෙන් එකතුකරගන්න බලාපොරොත්තු වෙනවා.”

උපුටා ගැනීම අවසන්.

Related posts

දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මරුට

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම් – ජනපති ගෝඨාභය බේරා ගත් හමුදා මෙහෙයුම

colombotoday

අයවැයෙන් විසඳුම් නැහැ.. – දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

Admin

ශ්‍රී ලංකාව හරහා ඉස්ලාමික රාජ්‍ය හදන්න ගිය තරුණයකු වෙඩි කා නසී

colombotoday

දඬුවම් දෙනවද, නැද්ද?… ගාලුමුවදොර ගිය මන්ත්‍රීන් නිසා ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව බෙදෙයි…

colombotoday