Colombo Today Local News

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවෙන් අයතන ප්‍රධානීන්ට පණිවුඩයක්

ජාතික රක්ෂණ භාර අරමුදල වාරික ගෙවීම් මින් ඉදිරියට සෘජුවම අරමුදල වෙත එවන ලෙසට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මගින් සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මෙතෙක් කලක් මෙම වාරික මුදල් චෙක්පත් මගින් තැපැල් මාර්ගයෙන් අරමුදල වෙත එවීමේදී අනවශ්‍ය ප්‍රමාද වීම්වලට ලක්වන නිසා එම මුදල් සෘජුවම අරමුදල වෙත එවිය යුතු බවට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

අග්‍රහාර හිමිකම් අයදුම්පතවලට මුදල් ප්‍රතිපුර්ණය කිරීමේදී ඇතිවන අනවශ්‍ය ප්‍රමාදවීම් මෙම වැඩපිළිවෙල යටතේ මගහරවා ගැනීමට හැකිවනු ඇතැයිද රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ජාතික රක්ෂණ භාර අරමුදලට වාරික ගෙවීම සඳහා විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දී ඇති බව රජු ගිණුම් අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. සමන්ත මහතා සඳහන් කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පිහිනා ගිය දැරිය

colombotoday

යෝෂිතට අදත් ඇප නොලැබෙයි.. යළිත් රිමාන්ඩ්!

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේ

colombotoday

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

එදා මා පැවසූ දේවල් අද අකුරක් නෑර ක්‍රියාවට නැංවෙමින් පවතිනවා.. සියල්ල සත්‍යයයි

colombotoday

කොරෝනා මේ රටට බෝ කලේ මේ ආණ්ඩුවයි – එස්.එම් මරික්කාර්

colombotoday