Colombo Today Local News

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගයක් වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට පසුගිය (27) දා උපදෙස් ලබා දුන්නේය.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල ගොවිපොල සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ දීය.

අඹේවෙල ගොවිපොල අයත් Ambewela Livestock Company Limited සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමකි. ඉහත කී තීරණය වෙළෙඳපොළ සංවේදී තොරතුරක් බැවින් සහ එය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණු බැවින් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ඒ සම්බන්ධයෙන් විමසීමක් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමෙන් සිදුකර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම පවසන්නේ නිල වශයෙන් දැනුම්දීමක් ලද වහාම නිල නිවේදනයක් නිකුත් කරනු ලබන බවයි.

Related posts

” දුම්කොළ සහ ස්කාගාර ජනසතු කරන්න “- ඩොලර් හිඟයට වාසුදේව විසඳුමක් කියයි

colombotoday

බරපතළ සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේට ඇප

Admin

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

colombotoday

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේදී නාවික හමුදා මෙහෙයුමකින් සොයා ගනී

colombotoday