Colombo Today Local News

සහරාන් සමග සබඳතා පැවැත්වු පුද්ගලයෙක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (28) දිනයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

IS සංවිධානයේ සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 වන දින ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මෝටර් රථයක් පුපුරුවාහැරීමේ සිද්ධියට සෘජු සබඳතාවක් පවතින බව අනාවරණය වී තිබේ.

අදාළ ප්‍රහාරය මෙරට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සමග සබඳතා පැවැත් වූ IS ත්‍රස්ස සමාජිකයෙකු විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි.

ඒ අනුව විමර්ශනය කළ ජාතික විමර්ශන ඒජන්සිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් “සනෝෆර් අලී” නමැති පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මොවුන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සෘජු සබඳතා පවත්වා ඇති බවට මූලික විර්ශනවලින් අනාවරන්‍ය වී තිබේ.

Related posts

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday

කෙරවලපිටිය කමිටුවට චම්පික රණවක ඇතුලත් කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්

colombotoday

ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

කුරුණෑගල DIG ට සහ ASP ට දුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday