Colombo Today Local News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (29) පෙරවරුවේ රැස්වේ.

මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය සඳහා අයැදුම්පත් 112 ක් පමණ ලැබී ඇති බවයි.

ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වැනි දායින් අවසන් විය.

ඒ සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් හිමිවන්නේ විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන තැනැත්තන්ටයි.

පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු තෝරා ගැනීම හෝ අයැදුම්පත් යොමු නොකළ එ‍හෙත් අදාළ සුදුසුකම් සපුරන සෙසු පිරිස් වේ නම් ඒ අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු සිවිල් සමාජ නියෝජිතයින් ලෙස පත් කිරීම පිළිබඳව අද දිනයේ සලකා බලන බව කතානායකවරයා පවසයි.

එලෙස තෝරා ගන්නා සමාජිකයින්ගේ නම් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට කඩිනමින් යොමුකරන බව ද කතානායකවරයා සඳහන් කරයි.

Related posts

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

HNDE සිසුන්ට පහර දුන්නාට පොලිස් පොඩ්ඩෙක් වැරදිකරු වේ… වහාම වැඩ තහනම්

colombotoday

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

colombotoday

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday