Colombo Today Local News

ට්‍රක් රථයක සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් හසුවෙයි

නීතිවිරෝධි ලෙස රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේදී පරීක්ෂා කිරිමේදී එහි සැඟවී සිටියදී අදාළ සංක්‍රමණිකයින් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන් එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේදී එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 17 දෙනෙකු සොයාගෙන තිබේ.

අනෙක් ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තාන ජාතිකයින් 11 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවද වාර්තාවී ඇත.

ඔවුන් අවුරුදු 21ත් 42ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද එරට පොලීසිය සඳහන් කර තිබේ.

Related posts

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

colombotoday

යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටු ලිපිගොනු අතුරුදහන්වීම පිළිබඳ හෙළිදරව්ව

Admin

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday

අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්

Admin

“ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ‍අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා”

colombotoday