Colombo Today Local News

පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල අයෙක් අල්ලයි

රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින 58 හැවිරිදි පුද්ගලයෙකි.

කොළඹ ප්‍රදේශයෙන් රැගෙන එනු ලබන මාවෝ මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස පාසල් අවට සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇතැයිද පොලීසිය කියයි.

ගල්කිස්ස ප්‍රධාන පාසලක් ආසන්නයේ නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ අනුව තම දරුවන් සිටින පාසල් අවට සැකකටයුතු ලෙස සැරිසරන විවිධ ජාවාරමාකරුවන් පිළිබඳව දැඩි සෙවිල්ලෙන් සිටිමින් ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට පොලීසියට සහාය ලබාදෙන ලෙසටත් මාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.

Related posts

“මම ගියොත් ක්‍රිකට් ඉවරයි.. බාරගත් වැඩේ ඉවර කරල මිස මම යන්නෑ” – තිලංග

colombotoday

සිවිල් ගුවන් අධිකාරිය, කැබිනට් තීරණයටත් උඩින් ගිහින් ලක්ෂ 76ක් ගිලලා.. විගණන වාර්තාව මෙන්න

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

2005 ගෝඨාගේ ඡන්දය – CID යෙන් මෝසමක්

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

“බෝම්බ වැදුනම බෝධිපූජා තිබ්බ අය මම හිරේ ගියාම කිරිබත් කෑවා” – ෆොන්සේකා අමුතු කතාවක් කියයි.. ඇල්ලේ නාහිමිට නැවතත් ගරහයි

colombotoday