Colombo Today Local News

ලොව පුරා ආහාර උද්ධමනය ඉහළට : ශ්‍රී ලංකාව 7 වෙනි තැනට

ලෝකය පුරා රටවල ආහාර උද්ධමනය ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි. මෙම වසරේ අගෝස්තු මස සිට නොවැම්බර් දක්වා ලබා ගත් දත්ත වලට අනුව ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් බොහෝ රටවල් අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව, දකුණු ආසියාව, යුරෝපය සහ මධ්‍යම ආසියා කලාපයන්ට අයත් වන බව ලෝක බැංකුව පවසයි.

අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල් සියල්ලම පාහේ ඉහළ ආහාර උද්ධමනයෙන් පීඩා විඳින බවත් ලෝකයේ ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට සිම්බාබ්වේ රාජ්‍ය බවත් ලෝක බැංකුව පෙන්වා දෙයි. සිම්බාබ්වේ රාජ්‍යයේ ආහාර උද්ධමනය සියයට 321 ක් බව ලෝක බැංකුව සඳහන් කර ඇත.

ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේ ලෙබනනය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 203 කි.තෙවන රට වෙනිසියුලාව වන අතර එහි ආහාර උද්ධමනය සියයට 158 කි.

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ශ්‍රී ලංකාව 7 වෙනි ස්ථානයේ පසුවන බව ලෝක බැංකුව පෙන්වා දී ඇත.ලෝක බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 කි.

Related posts

ජනාධිපතිවරණය ගැන අවසන් තීරණයට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

මත්පැන් බැරලයක් පුපුරා අයෙක් මරුට

colombotoday

සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න… ඇමති ජෝන් කියයි

colombotoday

ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් ගොවීන් ලක්ෂ 4කට මුදල් ගෙවා අවසන්

colombotoday

අවම සුදුසුකම්වත් නැති සිසුන් ආවොත් කොතලාවල වෛද්‍ය පීඨ ආචාර්යවරු අධ්‍යන කටයුතුවලින් ඉවතට

colombotoday