World

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

චීනයට පැමිණෙන සංචාරකයින් තවදුරටත් නිරෝධායනය කිරීම අවශ්‍ය නොවන බවට චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එළෙඹෙන වසරේ ජනවාරි 8 වන දා සිට සංචාරකයින් නිරෝධායන කිරීම අවසන් කරන බව චීනය සඳුදා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය දැඩි කොවිඩ් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ පියවරක් ලෙස චීනය මෙම තීරණය ගෙන ඇත.

2020 වසරේ මාර්තු මාසයේ සිට, චීනයට පැමිණෙන සංචාරකයින් නම් කරන ලද හෝටලයක දින 14ක කාලයක් නිරෝධායනය කිරීම සිදු විය.

එය ඇතැම් සංචාරකයින් සඳහා දින 21ක් දක්වා දීර්ඝ කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි.

වත්මන් ප්‍රතිපත්තියට අනුව, බලධාරීන් විසින් නියාමනය කරනු ලබන ස්ථානයක දින පහක් නිරෝධායනය වීම අවශ්‍ය වන අතර ඉන් පසුව දින තුනක් නිවසේ නිරෝධායනය විය යුතු ය.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර ඇත්තේ, ජනවාරි 8 වන දා සිට කොවිඩ් රෝගීන්ගේ අශ්‍රිතයින් සෙවීම ද නතර කරන බව ය.

ඒ අනුව, චීනයට පැමිණෙන සංචාරකයින් පැය 48ක් තුළ සිදු කළ කොරෝනා ආසාදිත නොවන බවට වන වාර්තාවක් පෙන්වීම පමණක් ප්‍රමාණවත් බව එම කොමිසම සඳහන් කර ඇත.

කොවිඩ් නීති ලිහිල් කළ ද මේ වන විට චීනය තුළ කොරෝනාවෛරස ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය ද සඳහන් කර තිබුණේ, එරට රෝහල් රෝගීන්ගෙන් පිරී යන බව දක්නට ඇති බව ය.

Related posts

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

colombotoday

Video: බ්‍රිසල්ස් අගනුවරට හමුදාව කැදවේ – දුම්රිය ගමන් අත්හිටුවයි, ප්‍රසිද්ධ ස්ථානවලින් ඉවත්වන්න – රජයෙන් අනතුරු ඇගවීම්

colombotoday

සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුට

Admin

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

colombotoday

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday