Colombo Today Local News

පොලිස් ලොක්කන්ට තොරණ සංග්‍රහ තහනම් – නියෝග නොතකන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර

මාසික, වාර්ෂික සහ අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා පැමිණෙන ඉහළ නිලධාරීන් පිළිගැනීම සඳහා මින් ඉදිරියට තොරණ ගැසීම හෝ අනවශ්‍ය සැරසිලි සිදු නොකරන ලෙස ත් ඔවුන්ට සංග්‍රහ කිරීමට නිලධාරීන්ගෙන් මුදල් එකතු නොකරන ලෙස ත් නැගෙනහිර පළාතේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද නියෝග කර තිබේ.

මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වාර්තා වුවහොත් හෝ නිරීක්ෂණය වුවහොත් අදාළ ස්ථානාධිපතිවරුන්ට සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බව ත් ඒ මහතා නැගෙනහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.

දිස්ත්‍රික්ක භාර, කොට්ඨාස භාර සහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මාසික පරීක්ෂණ, අර්ධ වාර්ෂික පරීක්ෂණ සහ වාර්ෂික පරීක්ෂණවලදී බොහෝ පොලිස් ස්ථානවල ඔවුන් පිළිගැනීම සඳහා තොරණ සහ සැරසිලි සිදුකරන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිරීක්ෂණය වීමත් සමග ඔහු මෙම පියවර ගෙන ඇත.

සැලසුම් කරන ලද මෙවන් පරීක්ෂණවලදී තොරණ ඇතුළු විවිධ සැරසිලි සඳහාත් ගොඩනැගිලි පින්තාරු කිරීම, අලුත්වැඩියා කිරීම් කටයුතු සඳහාත් පැමිණෙන ඉහළ නිලධාරීන්ගේ ආහාර සඳහාත් පහළ නිලධාරීන්ගේ මාසික වේතනයෙන් හා ගමන් වියදම් දීමනාවෙන් මුදල් අයකරන බවට තොරතුරු තමා වෙත ලැබී ඇති බව ත් ඇතැම් පහළ පොලිස් නිලධාරීන් මේ නිසා නොයෙකුත් අපහසුතාවන්ට පත්ව ඇති බවට තොරතුරු තමා වෙත ලැබි ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

එබැවින් මින් ඉදිරියට මෙවන් ක්‍රියාවලින් වළකින ලෙස ත් මෙවන් ක්‍රියා වාර්තා වුවහොත් දැඩි පියවර ගන්නා බවත් පවසයි.

මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුකර නොමැති බවට අනාවරණය වුවහොත් අදාළ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නා බවට ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

Related posts

රෝයල් පාටියේදී කාන්තාවන් නිරුවතින් නැටවූ සුනිල් පෙරේරා ජවිපෙ සමග ජාතියට මග පෙන්වයි (Video)

colombotoday

රජයේ වෛද්‍යවරු පළාත් දෙකක අද වැඩ වර්ජණයේ !

colombotoday

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

colombotoday

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

colombotoday

තිදරු මව සහේට ගෙන දියණියන් දෙදෙනෙකු අපයෝජනය කරලා. – වසර 25කට පසු යුක්තිය ඉෂ්ඨ වේ. ළමා නිවාසයේ සිටි එක් දැරියක් දැන් නීතිඥවරියක්.

colombotoday