Colombo Today Local News

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500 පළමු අදියර ලෙස ජිප් රථ 125 ක් පරිත්‍යාග කිරීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී සිදු කෙරිණි.

ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලබා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොලිසියට අද විශේෂ දවසක් බවත්, සමහර පොලිස් ස්ථානවල රාජකාරී කිරීම සඳහා වාහන නොමැති තත්ත්වයක් තුල එයට විසඳුමක් ලෙස මෙම නව ජීප් රථ 500 ලබා ගැනීමට හැකිවීම ගැන සතුටු වන බවත්ය.

මහජනතාවගේ ඉල්ලීම් අනුව සොරකම් සහ මත්ද්‍රව්‍ය මැඩලීමට මෙම නව ජීප් රථ ශ්‍රී ලංකා පොලිසියට ඉතා අවශ්‍ය බවත්, පොලිසියට වාහන සපයා ගැනීම පසුගිය අවුරුදු 3 දීම කරගැනීමට නොහැකි වූ බවත්, ඉන්දීය මහ කොමසාරිස්තුමන් සමග ඉතා සමීපව වැඩකිරීම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් සාර්ථක කර ගැනීමට හැකි වූ බවත් ඒ සඳහා ඉන්දීය මහ කොමසාරිස්තුමන්ටද විශේෂ ස්තූතිය පල කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා මගින් ශ්‍රී ලංකා පොලිසියට මෙම නව ජීප් රථ ලබාදීමට හැකිවීම පිලිබඳව ඉන්දියානු රජය ඉතා සතුටුවන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

Related posts

මුරපලේ සිටි පොලිස් සැරයන් වෙඩි වැදී මරුට

Admin

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

colombotoday

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

මව්බිම සුරැකි අභීත සෙන්පතියා !

colombotoday

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

Admin

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday