Colombo Today Local News

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවීමට තීරණයක්….

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ලකුණු පදනම් කර ගනිමින් විශ්ව විද්‍යාලවලට නොමිලේ ඇතුළත් කර ගන්නා පිරිසට පරිභාහිරව මෙම පිරිස් ඇතුළත් කර ගන්නා බව ඔහු පවසයි.

උසස් අධ්‍යාපනය සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට යන පිරිස අඩු කර ගැනීමට මේ තුළින් අවකාශ සැලසෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

දැනට උසස් ඩිප්ලෝමා හදාරන පිරිසට විශ්වවිද්‍යාල උපාධි ලබා දීමටද මේ යටතේ පියවර ගන්නා බව ඔහු සදහන් කරයි.

මේ වන විට වාර්ෂිකව විශාල පිරිසක් විදේශීය විශ්වවිද්‍යාල සඳහා යොමුවන බව ද ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

Related posts

ඇමති රාජිත ඇහින් දැක්කායි කී තජුඩීන් මරණයේ CCTV දර්ශනවල මොකුත් නැතැයි කැනඩාව කියයි !

colombotoday

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

“ඥාණසාර හිමි අත්අඩංගුවට ගනු“ – මුස්ලිම් මැති ඇමතීන් පොලිස් ප්‍රධානීන් හමුවෙයි

colombotoday

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

Admin