Colombo Today Local NewsUncategorized

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු වයෝවෘද්ධ කාන්තාවක විස වර්ගයක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පවසයි.

අරණායකබොස්සැල්ල කළුගල පදිංචිව සිටි 74 හැවිරිදි එක්දරු මවක මෙසේ මියගොස් ඇත.

ජීවිතක්ෂයට පත්ව ඇති එක් දරු මවගේ සැමියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත් වෙමින් සිට ඇති අතර ස්වාමි පුරුෂයාට ද කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ඇවිද ගැනීමට නොහැකි වීම නිසා ආර්ථික දුෂ්කරතා රැසකට මෙම යුවල මුහුණ පා තිබේ.

ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900 ක් ද ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950 ක් සමග මසකට රුපියල් 3850 ක මුදලකින් ජීවත් වෙමන් සිට තිබේ.

ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන් වයෝවෘද්ධ බිරිද දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බව මරණ පරීක්ෂණයේදී සැමියා වන සයිමන් මහතා පවසා ඇත.

Related posts

‘කංසා වලට වගේම කිතුල් රා වලටත් දෙන්න’

Admin

මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

බදියුදීන් නොනවතී… විල්පත්තු සංහාරයට එරෙහිව සමාජ ජාලා විරෝධය යළි ඇවිලේ…

colombotoday