මැතිවරණ කොමිසම් සභාව අද (20) පෙරවරුවේ රැස්වෙයි.
කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වෙන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්දය වීමසීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා නිවේදනය කළේ ය.