Colombo Today Local News

මද්දුම බණ්ඩාර විදුලි බිල වැඩි කලොත් ගෙවන්න එපා කියයි. සජබ එක්ක විරෝධතා කරන්න ජනතාවට කතා කරයි

එළඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු වැඩි කරනු ලැබුවහොත් ඊට විරෝධය පළ කිරීමක් ලෙස විදුලි බිල නොගෙවා ඉන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

ජනවාරි මාසයේ විදුලි බිල සියයට 30කින් වැඩි කිරීමටත් ඊට අමතරව වසර මැදදී නැවත වරක් විදුලි වැඩි කිරීමටත් වත්මන් රජය තීන්දු කර ඇතැයි සදහන් කරයි.

මේ සියළු මිල වැඩි කිරීම ඉතා අසාධාරණ සහ අයුක්ති සහගත බැවින් ජනතාව සමග එක්ව ඊට විරෝධය පළ කරන බව ද හෙතෙම කියා සිටි.

දැනට මාස කිහිපයකට පෙර විදුලි බිල වැඩ කිරීමෙන් පසු ලාබ ලබන විදුලි බල මණ්ඩලය පැරණි පාඩු පියවා ගැනීමට යළිත් බිල වැටීම සඳහා කටයුතු කරමින් සිටින බවද පවසන ඔහු මෙය සහමුලින්ම අසාධාරණ ක්‍රියාවක් යයිද සදහන් කර සිටි.

Related posts

අයි.එම්.එෆ්. වෙනස් කලොත් ආර්ථිකය කඩා වැටෙනවා

Admin

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයින් 110 දෙනෛකු දිවයිනට

colombotoday

ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට

colombotoday

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් මරුට

colombotoday

මේ ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවනවා – හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කියයි

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin