Colombo Today Local News

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ගිනි අවියක්, ඩොලර් 6,000ක් ඇතුලු කෝටි ගානක් කොල්ල කාලා

බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසක් මංකොල්ල කා ගිනි අවියක්, මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වේ.

සැකකරුවන් ව්‍යාපාරිකයාගේ නිවසේ තෙවන මහලට ඇතුළු වී මෙලෙස කොල්ල කා ඇති අතර, රුපියල් එක් කෝටි එක් ලක්ෂයක්, අමෙරිකානු ඩොලර් 6,000ක් කෝටියකට ආසන්න රන් භාණ්ඩ, බලපත්‍ර සහිත ගිනි අවියක් සහ පතොරම් 12ක් සහිත මැගසින් එකක් ඒ අතර වන බවයි පැවසෙන්නේ.

නිවසේ හිමිකරු වාහන වෙළදාම් සිදු කරන්නෙක් වන අතර, ඔහු ව්‍යාපාර කටයුත්තක් සඳහා නිවසෙන් පිටව ගිය අවස්ථාවේ සැකකරුවන් නිවසට ඇතුළු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් සොයා පොලිසිය විමර්ශන සිදු කරයි.

Related posts

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday