මැලේසියාවේ, සෙලන්ගෝර් ප්‍රාන්තයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.
තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකු ද වන බව සඳහන් වේ.
අතුරුදන්වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා 400ක පමණ පිරිසක් යොදවා ඇති අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු බේරාගැනීමට සමත්ව තිබේ.
අනතුර සිදුවන විට එහි ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් 51 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.