Colombo Today Local News

2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතුයි – ගම්මන්පිලගෙන් යෝජනාවක්

වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තාවකාලිකව තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මන්ත්‍රීවරයා අද (15)දින පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මෙලෙස පැවසීය.

“අද සමහර සැප කාර්, ජීප් තියෙනවා ලීටරයට යන්නේ කි.මී. 4යි 5යි. හැබැයි ත්‍රී රෝද රථයක් ලීටරයට කි.මී. 25 ක් 30 ක් යනවා. වෙනත් වචනවලින් කිව්වොත් මේ වාහනයක් එක දවසකට වැය කරන තෙල් ප්‍රමාණයෙන් ත්‍රී රෝද රථයක් සතියක් දුවන්න පුළුවන්.“
මේ අතර තමන් මේ වන විට භාවිතා කරන්නේ 1500CC පුංචි කාර් රථයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

තවද ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක කළ යුතු යෝජනා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව යැවීමට කටයුතු කරනු ලබන බවද හෙතෙම මෙහිදී පැවසීය.

Related posts

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

colombotoday

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

“පාරවල්වල කුණු අදින්න හමුදාව දාන්න.. රාජපක්ෂලත් එහෙම කරා“ – රාජිත ජනපතිට කියයි

colombotoday

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය පිළිගන්නැයි රජයට නිර්දේශ කෙරේ !

colombotoday

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin