භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් තමන්ගේ නිර්දේශය ලබා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලීසියට නියෝග කර ඇත.
ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය කර ඇත්තේ පොලීසිය විසින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව එල්ලවූ විරෝධය හේතුවෙනි.