Colombo Today Local News

‍තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් තහවුරුකරන පනත අද පාර්ලිමේන්තුවට

parliment

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත පසුගිය මාර්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

දීර්ග කාලයක් උත්සහ කළ, සිවිල් සමාජ, ජනමාධ්‍ය සංවිධාන, බලාපොරොත්තු වූ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ රජයේ ප්‍රධාන ජනතා පොරොන්දුවක් වූ යහපාලනයට බලපාන ඓතිහාසික පනතක් ඉදිරිපත් කිරීමට ලැබුණු බව ද අග්‍රාමාත්‍යවරයාගේ උපන් දිනය දා පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මර්තු මස 24 දින පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය.

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැළැසීම සඳහා ද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, තොරතුරු නිලධරයන් පත් කිරීම සඳහා ද, තොරතුරු ලබාගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි.

Related posts

නොවැම්බරයේදී නව ව්‍යවස්ථාව ගේනවා.. සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කරනවා

colombotoday

සමීක්ෂණ කරන්න කියා එජාපය ගොනාට අන්දවා මිලියන ගණනක් ගැරූ අතීක් පිටුපස සිටින ඇමති

colombotoday

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ගත් බව කියන නඩුවේ වරදකරු වූ ඇමති ප්‍රසන්නට අධිකරණය නියම කළ දඬුවම

colombotoday

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday