Colombo Today Local NewsColombo Today Sports News

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

thilanga-sumathipala-mahela-jayawardene

ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන එංගලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම ගැන තමන් කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

මෑතක් වන තුරු ම ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු එලෙස වෙනත් කණ්ඩායමකට සහය දීම සුදුසු නොවන බවයි ක්‍රිකට් සභාපතිවරයා ඊයේ (27) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ.

මම ගොඩක් ගරු කරනවා මහේලගේ දැනුමට. එහෙත් ඔහු දැන් අපේ ප‍්‍රතිවාදීන්ගේ උපදේශකයෙක්. කණ්ඩායමකට ක‍්‍රීඩා කරලා මාස කිහිපයකින් තවත් කණ්ඩායමකට තමන්ගේ රටට එරෙහිව උපදෙස් දීම හොඳ දෙයක් නෙමෙයි.

කොහොම වුණත් මේක මහේල ජයවර්ධනගෙ වරදක් නෙමෙයි. මේක ක‍්‍රිකට් පරිපාලනයේ ගැටලුවක්.

අපි මින් පස්සේ ක‍්‍රීඩකයින්ගේ කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් කරනවා විශ‍්‍රාම ගිහිල්ලා වසරක්වත් යන තුරු වෙනත් රටවල කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්න බැහැ කියල.මොකද රටක් වෙනුවෙන් ක‍්‍රීඩා කරපු ක‍්‍රීඩකයෙක් දන්නවා තමන්ගෙ කණ්ඩායමේ සහෝදර ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා සහ අඩුපාඩු.

Related posts

ETI අධ්‍යක්ෂවරුන්ට ඇප

colombotoday

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

colombotoday

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

colombotoday

සහරාන්ට ත්‍රස්තයන් එවූ මහාචාර්ය ලුක්මාන් තාල්බ් ගැන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ඒකාබද්ධ විමර්ශනයක්

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday