Colombo Today Local News

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

උතුරු නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන්ගේ මරණවලට හේතුව සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව විමර්ශන මගින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් විය. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් විය.

මෙම හදිසි සත්ව මරණ සම්බන්ධව විධිමත් විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එම සත්ව මරණ පිළිබඳ සිදු කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී ඇත.

මෙම සතුන් මිය යාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය නිසා බව සනාථ වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන් ඔරොත්තු දීමට අපහසුව ඇතැයි ද ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබෙන බවද විමර්ශන වාර්තාව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්

colombotoday

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

අඹ ගෙඩි තුනයි මල් මාලයයි කෝවිලකදී ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

වහබ්වාදී උලමා සංගමය ජනපතිට සුභ පතයි. එකට වැඩ කිරීමටත් සූදානම බව කියයි.

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday