Colombo Today Local News

පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙම පනතේ 8 (8) වගන්තිය ප්‍රකාරව මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින්ගේ හැසිරීමට අදාළ චර්යාධර්ම සංග්‍රහයක් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කර ඇති අවස්ථාවක ගත හැකි පියවර සහ එම පියවරයන් ධූර කාලය දක්වාත් බලාත්මකව පවතින බව සඳහන් කරමින් විධි විධාන ඇතුළත් කිරීමට ත් හඳුනාගත් විශේෂිත තනතුරු දරනු පුද්ගලයින් හට තමන් වෙත වෙන් කර ඇති ඡන්ද පොළෙන් බැහැරව විශේෂ මධ්‍යස්ථානයකදී මැතිවරණ දින ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශය සලසා දීමට හැකි වන පරිදි මෙය සංශෝධනය කෙරෙනු ඇත.

අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Related posts

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday

රුපියල තවත් දුර්වල වෙයි

Admin

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday