Colombo Today Local News

කෑගල්ලේ කොරෝනා හෙළ ඔසුව පාර්ලිමේන්තුවට..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධය අද (10)දින කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදී තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව ධම්මික බණ්ඩාර මහතා විසින් මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කිහිපයක එකතුවෙන් දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ අතර ඒ පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් මතු විය.

ඒ අනුව ඔහු විසින් එම පැණිය කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී නොමිලයේ බෙදා දීමට පියවර ගැනුණ ද පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එය අත්හිටුවීමට තීරණය කෙරුණි.

කෙසේවෙතත් එලෙස අත්හිටුවීමට තීරණය කළ එම ඖෂධය අද මහජන නියෝජිතයින්ට ලබා දීමට පියවර ගත්තේය.

ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණ දේශීය ඖෂධය කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදුන්නේය.

Related posts

රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ අගමැති විශ්වාසභංගයකින් නෙරපයි…

colombotoday

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳිය යුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday