Colombo Today Local News

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

ඒ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

ඊයේ පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර පසුව රුවන්වැලි මහ සෑ පුදබිම වෙත පැමිණ රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

මැතිවරණයක් පැමිණියහොත් එයට සූදානම් වන බවත් ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කල් දැමූ O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට දින නියම කෙරේ

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

colombotoday

එන්නත් දෙකම නැත්නම් විවාහ උත්සවවලට එන්න දෙන්නේ නෑ

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin

එජාප සභාපති මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

colombotoday

ජවිපෙට ආණ්ඩුව දීල බලන්න.. නියමෙට කරල පෙන්නනවා

colombotoday