Colombo Today Local News

ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයි

udaya gammanpila

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිරගෙදර ආහාර වෙනුවට නිවෙසින් ගෙනෙන ආහාර, ආහාරයට ගැනීමට කටයුතු කළේ ඇයි දැයි යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් පිවිතුරු හෙළ උරුමය විසින් සිදුකර තිබේ.

මන්ත්‍රීවරයා වසර 23ක් නිර්මාංශ ආහාර ගත්තෙක් බවත්, අමිල පිත්ත (ග්‍රැස්ට්‍රයිටීස්) රෝගයෙන් පෙළෙන නිසා මිරිස් අධික ආහාර ගැනීමට නොහැකි හෙයින් ඔහු නිවසින් ආහාර ගෙන්වා ගැනීමට තීරණය කළ බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මාධ්‍ය වාර්තා කරන අයුරින් මන්ත්‍රීවරයාට සිර ගෙදර කෑම එපා වී නිවසින් කෑම ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා නැති බව ද එම නිවේදනයේ දැක්වේ.

Related posts

මුදල් ඇමති “සර්“ටත් පොලිස්පතිගෙන් ඇමතුමක්.. නාමල් ගැනත් කියයි ! (Video)

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් !

colombotoday

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

colombotoday

තොණ්ඩා සහ මාලිමාව ගැටෙයි

Admin

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday