Colombo Today Local News

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් අද(12)දිනයේ සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඊයේ (11)දින අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කළ බවයි.

ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් අටසියක තොගයක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රීයේ දිවයිනට ළඟා විය.

හෙට(13)දින තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කරයි.

උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව ගෑස් ලබා දීමට සූදානම් බවයි ඔහු සදහන් කරන්නේ.

ඒ වෙනුවෙන් ඇනවුම් කර ඇති ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 34000 කි.

Related posts

ෆොන්සේකා තනියම යුද්දේ පටන්ගෙන ගහගෙන ගහගෙන ගියා.. දිනාගෙන එනකොටයි මහින්ද සෙට් වුණේ

colombotoday

සාපෙළ ලියා ආ සිසුවා සිසුවියකගේ යතුරු පැදියේ ගැටී මිය යයි

Admin

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday

කිවුව පිලිවෙතට පැණිය බිවුවනම් කොරෝනා වැලදෙන්නේ නෑ.. – ධම්මික බණ්ඩාර

colombotoday

කුඩාවැල්ල ධීවර වරායේ යාත්‍රාවක් ගිනි ගනී

colombotoday

කුල ප්‍රශ්නය නිසා යාපනේ ලේ හිගයක්.. රණවිරුවන් 200ක් ලේ දන් දී දමිළ වැසියන්ගේ ජීවිත රැක දෙති

colombotoday