Colombo Today Local News

ඡන්දයක් වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ එක්ව සටන් කරනවා

විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ ඒකාබද්ධ වී ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගත හැකි සියලුම පියවර ගන්නා බව නිදහස ජනතා සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් පවසයි.

කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ශේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

2023 වසරේ මාර්තු වන විට පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත කර අවසන් කළ යුතු බැවින් ඒ සඳහා රජය සහ මැතිවරණ කොමිසම අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ගත යුතුව ඇතැයි ද ඔහු සදහන් කළේය.

Related posts

තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමෙන් මිය ගිය නිලධාරීන් ගණන 4 දක්වා ඉහළට

colombotoday

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

colombotoday

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday