Colombo Today Local News

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

මිහින්තලය, ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක ගෙල වැළ ලාගෙන මියගොස් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මරණකාරිය වයස අවුරුදු 24 ක් වූ ඉලුප්පුකන්නිය උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයේදී කාන්තාව ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට නිරීක්ෂණය වුව ද මෘත දේහයේ හිසේ බරපතළ තුවාල දක්නට ඇති බැවින් මරණය සැක සහිත බව පොලීසිය පවසයි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර මිහින්තලේ පොලීසිය මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin