Colombo Today Local News

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

ඉතා වටිනා පුරාවස්තු 777 ක් පසුගිය වසර තුනේදී (2021 – 2019) සොරකම් කර හෝ විනාශ කර හෝ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව පුරාවස්තු වැඩිම ප්‍රමාණයක් විනාශ කර හෝ සොරකම් කර හෝ ඇත්තේ පසුගිය 2021 වසරේදීය. එම සංඛ්‍යාව 383 කි.

මීට අමතරව 2020 වර්ෂයේදී පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම් 121ක් වාර්තාවී තිබූ බව පවසන විගණන අංශ 2019 වර්ෂයේදී පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම් 273ක් සිදුව ඇතැයිද සඳහන් කරයි.

පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම්වල වර්ධනයක් පෙනෙන්නට ඇති හෙයින් මේ සිද්ධීන් වැලැක්වීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව විගණන කාර්යාලය පුරාවිද්‍යා ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

මේ අතර පුරාවස්තු පනත උල්ලංඝනය කිරීමේ අවස්ථා 232කට අදාලව පසුගිය වසරේදී අධිකරණයේ නඩු පවරා ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

එම නඩුවලින් 122ක් අවසන් කර තිබූ අතර එමගින් දඩ වශයෙන් අය කරගෙන තිබූ මුදල රුපියල් හාර කෝටියකට ආසන්නය.

ඒ තොරතුරු සඳහන් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Related posts

දෙමල ජනතාව පැරිසියේ කොටි හැර යති – උද්ඝෝෂණය අසාර්ථකයි

colombotoday

නාගනන්ද කොඩිතුවක්කු රේගුවේ නිලධාරීන් සමග එක්ව ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවා

colombotoday

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

වවුනියාව මුස්ලිම් හෝටලයකින් බෝම්බ හා පතුරම් තොගයක් හමුවෙයි

colombotoday

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

colombotoday

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

colombotoday