Colombo Today Local News

ඉන්දීය යුධ හමුදාපති දිවයිනට

ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවේන් (Manoj Mukund Naravane) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස ලෙස එරට යුධ හමුදාවේ උසස් නිලධාරීන් තවත් සිව් දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙම ඉන්දීය යුධ හමුදා පිරිස අද(12) උදෑසන 11.05ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

Related posts

විශේෂ මහාධිකරණයේ මහේන්ද්‍රන් ඇතුළු නවයකට නඩු

colombotoday

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

Admin

මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ශ්‍රී ලංකාවට තර්ජන

colombotoday

කෝටි සීයක් (බිලියනයක්) දීලා මහින්ද මාව ගන්න හැදුවා – විජයකලා

colombotoday

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday

මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණයක්

colombotoday