Colombo Today Local News

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

සිතාසි යවන්නත් නවීන ක්‍රම යොදාගන්න යයි

නඩුවක පාර්ශවකරුවන් වෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකතන භාවිතා කළ හැකි පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පත්කර ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ කමිටුව විසින් සිතාසි නිකුත් කිරීම සහ භාරදීම පිළිබඳව දැනට පවතින විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය නිර්දේශ කර ඇති බැවින් මෙම පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (12)දින පැවසීය.

ඒ අනුව එම කමිටුව කර ඇති නිර්දේශ ඇතුළත් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ (101 වන අධිකාරය) සංශෝධනය කිරීම සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

අහින්සක නිරූපමායි නඩේෂනුයි විඳින වේදනාවෙන් ගලවා ගන්නැයි ජනපතිගෙන් අයදියි

colombotoday

HIV ආසාදිත කතුන් සිටි ගණිකා නිවස නැවතත් වැඩ පටන් අරන්

colombotoday

කටට රසට කෑම සමග මාලිමා ආණ්ඩුවෙන් තණකොළ – නවලිබරල්වාදය ලෙෆ්ට්!

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

ඖෂධ මිල පාලන ගැසට් පත්‍රය සිකුරාදා

colombotoday

ජාතික ගීය සිංහලෙන් පමණයි – ආරක්ෂක ලේකම්

colombotoday