Colombo Today Local News

තවත් ප්‍රදේශ 12ක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් 04ක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කර ඇති බවයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම පොලිස් බල ප්‍රදේශයේ, පමුණුව ග්‍රාම නිලධාරී වසම සහ එම දිස්ත්‍රික්කයේම පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන හුදෙකලා කෙරිණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇත්තේ , ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලේගම , උඩගම සහ නව නගරයයි.

එම දිස්ත්‍රික්කයේම පනාමුර පොලිස් බල ප්‍රදේශයේ , වලල්ගොඩ , සුදුගල සහ පානාමුර සහ රත්මග ග්‍රාම නිලධාරීන් වසම් අද උදෑසන සිට හුදකලා කෙරුණි.

වව්නියාව දිස්ත්‍රික්කයේ පුවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම ද මේ වන විට හුදකලා කර ඇතැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඩොලර් නැතුව අත්‍යවශ්‍ය ආහාර සහිත බහලුම් 2,500ක් වරායේ සිරවෙයි

colombotoday

විග්නේශ්වරන් උතුරට, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් ඉල්ලයි.

colombotoday

ඉතාලියෙන් එවූ මළ සිරුරේ වෙඩි වැදුණු තුවාල

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

එළවළු මිල ගණන් ඉහළට

colombotoday

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin