Covid 19

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

මනාලියක් බැලීමට ගිය කණ්ඩායමකට නිරෝධායනය වීමට සිදුවූ පුවතක් මීරිගමින් වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ මනාලියට කොවිඩ්-19 ආසාදනය වී ඇති නිසාය. මනාලිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සේවය කරන්නේ කොළඹ පෞද්ගලික ආයතනයකය.

පසුව මනාලිය සිදු කරගත් බව කියන පීසීආර් පරීක්ෂණයකින් පසු ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. ඒ අනුව මනාලියගේ පවුලේ අනෙක් සාමාජිකයන්ද පෙරේදා (30දා) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය කර ඇත. එහිදී මනාලියගේ පවුලේ මව, පියා හා සහෝදරයාට කොවිඩ්-19 වැලඳී ඇති බව අනාවරණය වී ඇත.

මේ නිසා මීරිගම මනාලයා ඇතුළු පවුල් දෙකක සාමාජිකයන් හත්දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇත.

Related posts

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන්ට රෝහල් කිහිපයක්..

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

colombotoday