Colombo Today Local News

11දා රට ඇරියා කියා කඩා බිඳගෙන කඩගානේ දුවන්න එපා. විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ජනතාවගෙන් ඉල්ලයි

දින ගණනාවකට පසු අනිද්දා ( 11) රට විවෘත කිරීමෙන් අනතුරුව කිසිවෙකු කඩා බිඳගෙන කඩ සාප්පු ගානේ හෝ පාරේ දුවන්න ලෑස්ති නොවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ( මහජන සෞඛ්‍ය සේවා – විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ඊයේ ( 08 ) පුවත්පතකට අදහස් දක්වමින් ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

නව කොරෝනා වෛරස වසංගත ක්ෂේත‍්‍රයේ පැතිරීම බොහෝ සෙයින් පාලනය කර ඇතත් එය මුළුමනින්ම පාලනය කිරීමේ වගකීම ඇත්තේ රටේ ජනතාව අත යැයි කී එම මහත්මිය ඊට ජනතාවගේ ස්වයං විනය අත්‍යවශ්‍ය යැයි ද කීවාය. ජනතාව ආචාර්යශීලීව, සිහිකල්පනාවෙන්, තමන් ගැන පමණක් නොසිතා කටයුතු කළ යුතුව ඇති බවත් එසේ වුවහොත් රටට මෙම වසංගතයෙන් මිදීමට ඉතා ඉක්මනින් හැකි වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය. වෛරසයේ පොකුරු ආසාදිතයන් අවසන් සති කිහිපය තුළ හමු වී නැති බවත් අවසන් පොකුරු ලෙස වාර්තා වූයේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වූ ආසාදිත පොකුර බවත් ඇය කීවා ය. ඔවුන් සියලූ‍ දෙනා, ඔවුන්ගේ පවුල්වල සියලූ‍ දෙනා සහ ඔවුන්ගේ ගම් ආශ‍්‍රිත සියලූ‍ දෙනා ආදී සැමගේ පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කර අවසන් ව ඇති බවත් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

රට විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය අංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය යැයි කී එම මහත්මිය යම් අයකුට ගැටලූවක් ඇත්නම් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප‍්‍රාදේශීය වසංගත රෝග අංශය හෝ සෞඛ්‍ය අංශවලින් විමසීම් කළ හැකි බවත් කීවාය. රෝගය ක්ෂේත‍්‍රයෙන් වාර්තා නොවීම ඉතාමත් හොඳ තත්වයක් බවත් මේ වන විට රෝගීන් හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ එක්දහස් පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් දෛනිකව සිදුකරන බවත් එතුමිය සඳහන් කළාය. රෝගය මුළුමනින්ම පාලනය කිරීමට ජනතාවගේ ක‍්‍රමානුකූල දිවිපෙවත අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

Related posts

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

ත්‍රීකුණාමලේ තැන් හතරක බුදු පිළිමවලට ප්‍රහාර.. වැලිඔය බුදු පිළිමයට කලුතෙල් වත්කරලා !

colombotoday

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

අසීමාන්තික භික්ෂු දඩයටම එරෙහිව නැගිටිමු… ඤාණසාර හිමි සිරගත කිරීමට එරෙහිව විරෝධතාවයක්

colombotoday