Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 1,198ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1,198ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 32,593 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද දිනයේත් මාර්ග බාධක, ජංගම සංචාර ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටවන හා ඇතුළුවන ස්ථානවල විශේෂ මාර්ග බාධක ද විශේෂ ඩ්‍රෝන මෙහෙයුම් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ලබන 21 වැනි දා දක්වා මෙම සංචරණ සීමාව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මෝටර් රථ 8500ක් සමග ලොව ලොකුම ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

colombotoday

ලංකාවට සම්බන්ධයෙන් රටවල් හතරකින් ඒකාබද්ධ නිවේදනයක්…

colombotoday

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

(Video) ජනපති අගමැති දීගය පරම්පරාගත ලව් එකක් – පී. හැරිසන්

colombotoday

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

Admin

පාර්ලිමේන්තු කාරක සභාවේ හෙට විශේෂ රැස්වීමක්

Admin