Colombo Today Local News

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්‍රල් සෙබළුන් දෙදෙනකු පොහොයදා දහවල් මාදුරුඔය උද්‍යානයේදී අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවිී කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන් මාවනාගම යුධ හමුදා කඳවුරට අයත් ලාන්ස් කෝප්‍රල් වරුන දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට භාරදීමට කටයුතු කර ඇත.

මාදුරුඔය හෙනන්නේගල සිට මාවනාවෙල යුද හමුදා කදවුර දක්වා මුවමස් ප්‍රවාහනය කර ඇති අතර මීට පෙරද ඔවුන් ගිලන් රථයෙන් මස් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මේ පිළිබඳ හෙනන්නේගල වනජීවි කාර්යාල තොරතුරු ලැබීමත් සමග ඔවුන් කළ මෙහෙයුමකින් ගිලන්රථය සහ මුව මස් සමග සැකකාර සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද මාදුරුඔය උද්‍යාන භාරකරු ඩී,එස්. ජයසෝම රත්නායක මහතා සදහන් කරයි.

Related posts

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

ෆේස්බුක් සමාජ ජාලා හදිසි බිද වැටීමක්

Admin

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු

colombotoday

යලිත් දිවයින පුරා ඇඳිරිනීතිය

colombotoday

තමුසෙට පුළුවං දෙයක් කරනවා – සාලිගෙන් බුද්ධශාසන ඇමති විජේදාසට අභියෝග Video

colombotoday

ඉන්දියානු ව්‍යාපාරිකයන්ට ආයෝජන ප්‍රවර්ධන ඇමැතිගෙන් වසර 05කට වීසා

colombotoday