World

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

uganda 256

සෞදි අරාබියේ ගෘහ සේවය සදහා සිය රටේ කාන්තාවන් යැවීම උගන්ඩා රජය විසින් තහනම්කොට තිබෙනවා. ඒ සමගම සෞදි අරාබියේ කොටුවී සිටින උගන්ඩා ජාතික කාන්තාවන් පිරිසක් නැවත සිය රටට ගෙන්වා ගැනීමට උගන්ඩා රජය කටයුතු කර තිබෙන බව බීබීසී ලෝක සේවය පවසයි.

උගන්ඩාව එම පියවර ගනු ලැබුවේ සෞදි හාම්පුතුන් විසින් ගෘහ සේවිකාවන්ට සිදුකරන අමානුෂික ක්‍රියාවන්ට හා අපයෝජනයට ලක්වන බවට වාර්තා පලවීමත් සමගය.

නැවත සිය රට බලා පැමිණීමට ගුවන් ප්‍රවේශ පත් මිළදී ගැනීම සඳහා එම කාන්තාවන් අත ප්‍රමාණවත් මුදල් තිබී නොමැති බව උගන්ඩා බලධාරීහු කියා සිටියහ.

බහුතරයක් තරුණියන්ට යථාර්ථය වසන් කොට බොරු පොරොන්දු ලබා දෙමින් රැකියා ලබා දී ඇති බව සෞදියේ සිටින උගන්ඩා තානාපති ෂේක් රෂීඩ් සෙමුද්දු සඳහන් කළේය.

සිය පුරවැසියන්ට, සේවය සඳහා සෞදිය වෙත යෑම ඉන්දුනීසියාව, ඉතියෝපියාව සහ පිලිපීනය යන රටවල් විසින් ද තහනම් කරනු ලැබ ඇත.

Related posts

ගුටි කෑ උද්ඝෝෂකයන් කුපිතවෙයි. ඉන්දියාෙව් මන්ත්‍රී නිවාස ගිනි තියලා

colombotoday

පරෙවියන් යට කර මැරු රියදුරා අත්අඩංගුවට

Admin

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday

ඊයේ තහවුරු කල කොරෝනා මරණ 17ක්

colombotoday