අනුර කුමාර දිසානායක මහතා දැන් ටිකක් ලස්සන වී ආඩම්බර වී ඇති බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ඉස්සර නම් අපිට හිනා වෙලා කතා කරනවා. දැන් ටිකක් ආඩම්බර වෙලා. දැන් හිනා වෙන්නෙත් නෑ” යනුවෙන්ද අලුත්ගමගේ මහතා කීය.
රනිල් වික්රමසිංහ මහත්තයට රනිල් කියා අද කතා කරන අය එදා සර් කියමින් පස්සෙන් ගිය හැටි මතක බව කී අලුත්ගමගේ මහතා ජාතික ඇඳුම ඇඳගෙන අපි සමහරුන් රනිල් වික්රමසිංහ මහතාට ගරු කිරීමක් වශයෙන් එදා ෆුල් සූට් එකටත් බැස්ස බවද සඳහන් කළේය.