Colombo Today Local News

ධනුෂ්කගේ සිද්ධිය හා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිටියදී වාර්තා වූ සිද්ධීන් ගැන සොයන්න ත්‍රීපුද්ගල කමිටුවක්

ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

නීතිඥ නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව සෙසු සාමාජිකයින් වන මෙම කමුවේ ප්‍රධානියා වන්නේ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතායි.

එම සිද්ධියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වාර්තා වූ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම කමිටුව පුළුල් පරීක්ෂණයක් සිදු කරනු ඇති.

මෙම ත්‍රිපුද්ගල කමිටුව කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු පැහැදිලි කිරීමක ඉල්ලා සිටිනු ඇති බවත් කළමනාකරුගේ වාර්තාව එම මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, යම් ක්‍රීඩකයකු අතින් වරදක් හෝ නොසැලකිළිමත් ලෙස හැසිරී ඇති බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ලිංගික අතවර චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (7)දින තීරණය කළේ ය.

ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු සංචිතයකට තෝරා නොගනු ඇත.

Related posts

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday

විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ රෙදි ගැලවේ.. විල්පත්තු සංහාරයේ සියළු තතු එළියට !

colombotoday

ගනුදෙණුව ඉවරයි.. ආචාර්ය නිර්මාල් පුරවැසි බලයෙන්, සාධාරණ සමාජයෙන් ඉවත් වෙයි !

colombotoday

පොලිස්පති හා නීතිය නවන පොලිෂ්පති !

colombotoday

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

colombotoday

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday