Colombo Today Local News

අම්පාර, දමන ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවයි

අම්පාර, දමන ප්‍රදේශයේ පරිසරයට හානි කරමින් පවත්වාගෙන ගිය ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යංශයෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරුවයි.

එම කරුණු විමසීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ බලපත්‍රය මාස 3කට පෙර කල් ඉකුත් වී ඇති එකක් බවය.

වෙනත් අයෙකුගේ බලපත්‍රයක් උපයෝගි කරගනිමින් වැලි කැනීම් සිදුකර ඇති බව ද මෙහිදී අනාවරණ වී තිබේ.

ඒ සඳහා කිසියම් නිලධාරියෙකු ලිපියකින් හෝ වාචිකව උපදෙස් දී ඇත්නම් ඒ සඳහා විමර්ශනයක් පවත්වන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන් බව සඳහන් ය.

වෙනත් අයෙකුගේ බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් වැලි කැනීම් සිදුකර ඇත්නම් අදාළ පාර්ශ්වයේ ද බලපත්‍රය ආහෝසි කර අසාදු ලේඛනගත කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා නියෝග කර ඇත.

අමාත්‍යවරයා විසින් අදාළ සිදුවීම ගැන වාර්තාවක් කැඳවා තිබේ.

Related posts

පළාත් කිහිපයකට අදත් වැසි

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday

මේ වසර අවසානයට පෙර මත්තලත් චීනයට !

colombotoday

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

Admin

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday