Covid 19

අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන්ට නිවසේදීම ප්‍රතිකාර

වයස අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මේ වන විට ආරම්භ කර ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හා මද රෝග ලක්ෂණ ඇති දරුවන් ද වෛද්‍ය නිරීක්ෂණය සඳහා යොමුකළ හැකි බවත් එම ප්‍රතිකාර ක්‍රමවේදයට යටත්වන දරුවන්ට නිධන්ගත රෝග හෝ දීර්ඝ කාලීන ප්‍රතිකාර ලබාගන්නා රෝගයන් නොතිබිය යුතු බව ද වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළේය.

නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ දී දරුවා රැකබලා ගැනීමට යම් වැඩිහිටියෙක් නිරන්තරයෙන් ළඟ සිටිය යුතු බවත්, දුරකථන මාර්ගයෙන් ප්‍රතිකාර නියම කිරීම් සිදුවන බැවින් එයට අදාළ පහසුකම් ද සැපයිය යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේය.

එවැනි කාරණා සම්පූර්ණ කර ඇති කොවිඩ් ආසාදිත දරුවන්ට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයා සම්බන්ධ කර ගනිමින් එම පහසුකම ලබාගත හැකි අතර දරුවන් ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම් සඳහා 1390 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එයින් අදාළ උපදෙස් ලබාගත හැකිය.

කොවිඩ් -19 රෝගී තත්ත්වය බොහෝ දරුවන්ට සාමාන්‍ය වෛරස් තත්ත්වයක් බවත්, එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය තුළින් ඉබේම සුව වන බවත් පැවසු වෛද්‍ය චන්න ද සිල්වා මහතා, 1%කට වඩා අඩු ප්‍රමාණයකට විශේෂ සංකූලතා ඇතිවන බව වෛද්‍යවරයා සඳහන් කළේය.

නිවසේ සිටින කොවිඩ් ආසාදිත දරුවන් රැකබලා ගැනීමේ දී ඖෂධවලට වඩා ඔවුන් කෙරෙහි අවධානයෙන් පසුවීම වැදගත් බවත් යම් දරුවෙකු ට කොවිඩ් ආශ්‍රිතව සංකූලතාවයක් ඇති වන්නේ නම් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කරයි.

වෛද්‍ය නිර්දේශයකින් තොරව දරුවන්ට ඖෂධ ලබාදීමට කටයුතු කිරීම හානිදායක විය හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

තවත් ආසාදිතයින් 1,560ක්

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600කට කොරෝනා

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday