Colombo Today Local News

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

මෙරට තායිලන්ත තානාපති පොජ් හාන්පෝල්ගේ (Poj Hanpol) කොළඹ 7, මල් පාරේ පිහිටි නිල නිවසට සොරෙකු කඩා වැදීමෙන් පසු කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තානාපති නිල නිවසින් රුපියල් කෝටි 100ක පමණ දේපළ සහ මුදල් සොරකම් කර ඇති බව වාර්තා වේ.

ඉරිදා අලුයම 2.00 – 7.00ත් අතර කාලය තුළ මෙම මංකොල්ලය සිදු ව ඇති අතර, සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණු බව සඳහන් වේ.

සොරාගත් භාණ්ඩ සහ මුදල් අතර ජංගම දුරකථනයක්, සමරු තිළිණයක්, තායිලන්ත මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් ද තිබූ බව වාර්තා වේ.

පොලිස් නිලධාරියෙකු නිවසින් පිටත සිටිය දීත් තවත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු නිවස තුළ සිටිය දීත් මෙම කොල්ලය සිදු ව ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් කිසිම සැකකරුවකු පොලිසිය විසින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

Related posts

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද සිට

colombotoday

‘‘මහජන ආරක්ෂක ඇමැති’’ නව කැබිනට් තනතුරට රියර් අද්මිරාල් සරත් වීරසේකර ?

colombotoday

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

ගායන ශිල්පී උපාලි කන්නන්ගර ජීවන ගමනට සමුදෙයි

colombotoday

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

Admin