World

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

ඉන්දීය ඖෂධ සමාගම් ලබා සිටින දියුණුව ගැන ඇසූ විට ලොව බොහෝදෙනා මවිතයට පත්වෙති.

බටහිර ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටා ඇති “සිරම් ආයතනය” ඉන් ඉදිරියෙන්ම සිටී.

මේ වනවිට ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේ එම සමාගමයි.

එය සතු සුවිශාල කර්මාන්ත ශාලාවේදී වාර්ෂිකව එන්නත් මාත්‍රා බිලියන 1.5ක් නිපදවේ.

ඔවුන් මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් නිෂ්පාදනය කරයි.

“ඖෂධ නියාමන බලධාරීන් එන්නත් අනුමත කිරීමටත් පෙර අපි ඒවා නිපදවීමට එකඟ වුණා. අපි ගත්තේ ලොකු අවදානමක්,” සිරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවලා පැවසීය.

“අපි ඒ පියවර ගත්තේ අපිට විශ්වාසයක් තිබුණා ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයින් ගැන.”

සිරම් ආයතනය පුද්ගලික හිමිකාරිත්වයක් සහිත ආයතනයකි. එහි තීරණ ගනු ලබන්නේ ප්‍රධාන විධායක නිලධාරියා සහ විද්‍යාඥ කණ්ඩායමයි.

නමුත් කොවිඩ් එන්නත් නිපදවීම ඇරඹීමට පෙර අවශ්‍ය මුදල් සපයාගැනීම විශාල අභියෝගයක් විය. එහිදී ඔවුන් ඒ සඳහා ඩොලර් මිලියන 260ක් යෙදූ අතර ඉතිරි මුදල් බිල් ගේට්ස් වැනි දානපතියන්ගෙන් සහ අනෙකුත් රටවලින් සපයා ගැනීමට ඔවුන් ට හැකිවුණි.

කොවිඩ් එන්නත් නිෂ්පාදනය සඳහා ඩොලර් මිලියන 800ක් සොයාගැනීමට ඒ අනුව ඔවුන් සමත් විය.

Related posts

රුසියාවේ ඉලක්ක ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137 මරුට

colombotoday

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

colombotoday

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට

colombotoday

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

Admin

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday