උතුරේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදා කර දෙමින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදි කෙරුණු හයිඩ්‍රාමනී නව ඇගළුම් කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පෙරවරුවේ විවෘත කෙරිණි.
එම අවස්ථාව සදහා පුජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙන්ම පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ශිවරාජා ජෙනීවන් සහ ඔහුගේ දෙමාපියන් පැමිණ සිටී අතර ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත වන අයුරු දැක ගත හැකි විය.