නොච්චියාගම, හිරියාලේගම ප්රදේශයේදී සහල් ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, කුකුළු කෑම නිෂ්පාදනය කරන ආයතනයක, අඩි 12 ක පමණ උසින් යුත් සහල් ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා, එහි තිබූ සහල්වලට යටවී බරපතල තත්ත්වයෙන් යුතුව නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ, එම ප්රදේශයේම පදිංචි 47 හැවිරිදි කාන්තාවකි.