Colombo Today Local News

රට පුරා තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම්

රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ගම්පහ, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මෙම වැඩටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධව වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා සමඟ ද සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

වනාන්තරවල ඇති දේශයට නොගැලපෙන සහ පරිසරයට හානිකර ශාක ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක අතර ඒ යටතේම තෝරාගත් වනාන්තර කිහිපයක ඔසු උයන් පිහිටුවීමට එහිදී සැලසුම් කළ බවත් ඔහු පවසයි.

Related posts

කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා… දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කරගත යුතුයි…

colombotoday

තවත් හපන්කමක්… අරණායක බේරාගැනීමේ ක්‍රියාන්විතයට මුල් වුණු හැටි චතුර හෙළිකරයි

colombotoday

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday

ජිනීවා සිංහ ප්‍රහාරයෙන් නන්නත්තාර වූ වයිකෝ, ඉන්දියාවේදී සිංහ කොඩි ගිනි තබා යකා නටයි !

colombotoday

ඉලක්කයකට වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට වැවිලි ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් දිය හැකියි. ජනපති කියයි

colombotoday

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday