Colombo Today Local News

රවිට, නවීන්ට,අර්ජුනට තනතුරු නොදීම නිසා එජාපයේ අභ්‍යන්තර බෙදීමක්.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරු 4ට (05 – 11 – 2021) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.

එහිදී නැගී සිටි කස්තුරි අනුරාධ නායක පක්ෂය තුළ වර්තමානයේ හටගෙන තිබෙන අර්බුදකාරී තත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.

එහිදී ඔහු පෙන්වා දී තිබෙන්නේ වර්තමානය වන විට පක්ෂයේ අවසානයට ඉතුරුවී සිටින්නේ නායකතුමා වටා ඉන්න පිරිසක් විතරක් බවයි, මේ වන විට ඒ මිනිස්සු බෙදීමකට ලක් කිරීම තුළින් ඉදිරියේදී පක්ෂය තවත් අර්බුදයකට ලක් වන බව කස්තුරි අනුරාධ නායක පෙන්වා දී තිබේ.

උදාහරණයක් ලෙස රවි, නවීන්,අර්ජුන, පක්ෂයට දරදිය ඇදපු මිනිස්සු ඒ වුණත් අද ඒ අයට පක්ෂය කිසිදු තනතුරක් නොදී පැත්තකට කරලා තියෙනවා. මේ විදියට පක්ෂයේ ඉන්න ප්‍රධාන බලකණු පැත්තකට කරලා තියලා කොහොමද පක්ෂය ඉදිරි ගමනක් යන්නේ.?මේ තත්ත්වය නිසා දැන් පක්ෂයට අංශභාග හැදිලා වගේ පැරලයිස් වෙලා තියෙන්නෙ.මේ තුන්දෙනාට පක්ෂයේ බලයක් දීලා නැහැ ,අකිල වැඩ කරන්නේ නැහැ,රුවන්ට වැඩ කරන්න දෙන්නෙ නැහැ.පක්ෂයේ ඉන්න ප්‍රබලයින්ට මේ තත්ත්වය නම් කොහොමද පක්ෂයක් ඉදිරියට කටයුතු කරගෙන යන්නේ යැයි කස්තුරි අනුරාධ නායක නැගී සිටිමින් දැඩි ස්වරයෙන් ප්‍රශ්න කර සිටියා.මට මතකයි එක් අවස්ථාවකදී මැතිවරණයක් වෙලාවේ මම හම්බන්තොට ගිහිල්ලා සති දෙකක් ඉඳලා සජිත්ට විරුද්ධව හිටපු අය වෙනුවෙන් රැස්වීම් සූදානම් කරලා මම රවී කරුණානායක මහත්තයා එහෙ අරන් ගියා. එහිදී අපිට බෙලිඅත්තේදී ගැහුවා, අපේ වහන කුඩු කරා. අපිට රෑ එන්න විදිහක් නැතුව ඉන්නකොට රවී කරුණානායක මහත්තයා තමයි වීදුරු කැඩිලා කුඩු වෙලා තිබ්බ වාහනය පැදගෙන අපිව අරන් ආවේ කොළඹට. එහෙම මිනිස්සු අමතක කරලා පැත්තකට දාලා මේ පක්ෂය කොහෙද මේ යන්න හදන්නේ යැයි කස්තුරි අනුරාධ නායක මෙහිදී ප්‍රශ්න කර සිටියා.

Related posts

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

colombotoday

අවතැන්වූවන්ට දෙන්න සතොසෙන් ඇති තරම් බඩු නොමිළේ.. ගාස්තුව පසුව රජයෙන් අයකරගන්නවාලු

colombotoday

“එක්නැලිගොඩ කොටියෙක් නෙවෙයි” පොලීසිය කියයි – බුද්ධි බළකා රණවිරුවන් නැවතත් සිරගෙට

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ !

colombotoday

ෆාම් ඔයිල් ආනයනය තහනම්

colombotoday

පාරිභෝගිකයන්ට අසාධාරනකම් කරන ලීසිං සමාගම්වලින් මහබැංකුවේ උසස් නිලධාරීන්ට වැටුප් සහ විදේශ සංචාර

colombotoday