Articles

පාරේ ලිංගිකව හැසිරීමම කලාව කරගත් වැලිකඩ සිට එලියට ආ ඉරාජ් – සිල් බිදගත්තේ නදීශාම විතර ද?

iraj_nadeesha

සුනිල් එදිරිසිංහ මහතා “නරක වැඩ කරන්න එපා මල්ලියේ” කියද්දීත් ගිය අවුරුද්දේ ගේමක් දීලා වැලිකඩ ඉදලා එළියට ආව සුනඛ පුත්‍ර ඉරාජ් නමැති ගායකයෙක් නැවත සමාජ ජාලා තුළ හතර විලිලජ්ජාවක් නැතුව බුරන්නට පටන්ගෙන තිබේ. ඔහුගේ සිංදු යැයි කියන වචන පෙළ ඇසූ විට ඔහුට සුනඛ පුත්‍ර යැයි කීම ප්‍රමාණවත් නැතැයි මට සිතේ. කොළඔත් සීමිත ප්‍රදේශවලට සීමා වූ බොලිවුඩ් හෝ හොලිවුඩ් සංස්කෘතිය ලංකාවේ සමස්ත සංස්කෘතිය ලෙස සිතන මොහු ඇතැම් විටෙක ලිං ගෙම්බෙකි. ඒ කෙසේ වෙතත් ස්ත්‍රී පුරුෂ යුගලයකයේ ආනන්දයේ ප්‍රතිඵලයක් නිසා මෙලොවට බිහි වූ මොහු එකී ආනන්දය සමාජ සංස්කෘතීන් බිද දමා වින්දනය කරන ආකාරය අපට උගන්වන්නට පටන්ගෙන තිබේ. මෙම ගීතය අලුත් වීඩියෝ සහිත ගීත සංස්කෘතියක ආරම්භය බවද ඔහු කියයි. එනම් ගීතය හරහා හෝ කලාව හරහා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට පටන් ගත්තා පමණකැයි ඔහු නොකියා කියයි. තම සින්දුවට රංගනයෙන් දායක වූ නදීශා හේමමාලි නමැති නිළියට ද ස්තූති කරමින් ඉරාජ් කියා සිටින්නේ නදීශා ලස්සන වැඩක් කළ බවය. එනම් ඉරාජ්ට අනුව නදීශාගේ රංගනය ලස්සනය. සමිතා මුදුන් කොටුව කොහොමටත් සිල් බිදගෙන තවත් කීප දෙනෙකුගේම සිල් බින්ද වූ බව අපි කවුරුත් දනිමු. ඔවුන්ගෙන් අපට වැඩක් නැත. එහෙත් ඔවුන් කලාව නාමයෙන් සමාජයට දෙන මතවාදයන් පරාජය කළ යුතුමය.

ඉරාජ් ප්‍රමුඛ මෙකී කලාකරුවන්යැයි කියාගන්නා අයට අනුව පාරේ ලිංගිකව හැසිරීම ද කලාවම වේ. එහෙත් අතීත රජවරුන් විසින් බුදුන්ට පූජා කළ අපේ රට සිංහල බෞද්ධ රටකි. (බුදුන්ට පූජා කළ එකම රට අපේ රටයි.) එබැවින් මේ රටෙහි ලෞකිකව සිද්ධ කරන කටයුතු ද නිවනට අනුකූල විය යුතුය. එනම් නිවන් පරමාර්ථයේ තබාගෙන ලෞකිකත්වය තුළ හැසිරිය යුතුය. එම නිසාමය අවුකන බුදුන්ට දෑස් දුන් කලාකරුවා කලා වැවේ මැරෙන ඉපදෙන රළ දිහා බලමින් ලෝකයේ අනිත්‍යතාව මෙනෙහි කළේ. (එම නිසාමය අපේ මුතුන්මිත්තන් සතුන් නොමරා ගොවිතැන් කටයුතු කරන ක්‍රම ද අනුගමනය කළේ. දැන් අප වස විස යොදා බටහිර ක්‍රමයට ගොවිතැන් කරමු. මෙය දියුණුව යැයි හෝ ලෝකය යන ක්‍රමය යැයි කෙනෙක් කියන්නේ නම් ඔහු සංවර්ධනයද බටහිර ක්‍රමයටම අර්ථ කථනය කරන්නෙකි. එබැවින් එම කියමන් අපට අලුයම ලන කෙළ පිඩකි) එහෙත් කලාව යනු පුළුල් දෙයක්ය, එය රටේ සංස්කෘතියෙන් වට කළ නොයුතුයැයි කියන මේ කලා කරුවෝ අවසානයේ ගීත හරහා බොලිවුඩයේ හෝ හොලිවුඩයේ සංස්කෘතිය සහ චින්තනය අපේ නංගිලා මල්ලිලාගේ ඔලු වලට කාන්දු කරයි. අවසානයේ මෙරට ස්ත්‍රී දූෂනයක් සිදු වූ විට එයට ද වැරදි කාරයා මෙම සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි ඔවුන්ම අනෙක් පැත්තට කියයි. සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා මෙරට මිනිසුන් ලිංගිකත්වය පිනවන්න නොදන්න බවත් එම සංස්කෘතිය නිසා සිංහලයින් ආශාවන් අමාරුවෙන් යටපත් කරගෙන සිටිනා බවත් අවසානයේ එය ස්ත්‍රී දූෂණයට හා අනෙකුත් අපරාධ වලට මුල්වන බවත් මෙම ගීත වලට විද්වත් කතිකාවත් හදන ඇතැම් උගත් මිනිසුන් අපට කියා දෙයි. එහෙත් මෙම ගීත හරහා රහත් නොවූ මිනිසුන්ගේ කාමය ඇවිස්සීම පිළිබදව ඔවුන්ට කතිකාවතක් නැත. මෙම ගීතය තුළ ආදරය සාධාරණ හේතුව ලෙස ඉදිරිපත් කරමින් තම සැමියාට හොරෙන් වෙනත් පුරුෂයෙකු සමග නදීෂා අනාචාරයේ හැසිරෙයි. මෙයින් ඉරාජ් නමැති සුනඛ පුත්‍රයා අපට කියා දෙන්නේ අපේ නංගිලා මල්ලිලා විවාහ වුව ද ප්‍රේමයේ නාමයෙන් අනාචාරයේ හැසිරුනාට කම් නැතය කියා ද? මෙය බටහිර සංස්කෘතියම වේ.

අප ආරක්ෂා කළ යුත්තේ අපේ සංස්කෘතිය මිස සිංහ ලේ ඇති ඔලු ගෙඩි ගණන පමණක්ම නොවේ. අපේ සංස්කෘතිය ආරක්ෂා කරමින් අනෙක් දෙමළ මුස්ලිම් ජාතිකයන්ට ද එය මුසු කළ යුතුය. එනම් සිංහල මුස්ලිමුන්, සිංහල දමිළයන් බිහි කරගත යුතුය. අපි කළ යුත්තේ එයයි. එසේ නොමැතිව ජාතිවාදීන්ට රැවටී මිනී මරා ගැනීමෙන් කිසිදා ජාතික ප්‍රශ්නයටද පිළිතුරක් නොලැබෙනු ඇත. එබැවින් අප අපේ සංස්කෘතිය පණ මෙන් රැකිය යුතු වන අතර ඉරාජ් වැනි සුනඛ පුත්‍රයින්ට ඉලිප්පීමට ඉඩ නොදිය යුතුය. දුටු තැන වාග්ප්‍රහාර ද එල්ල කර මරා දැමිය යුතු ය. ඔවුන්ට ශාස්ත්‍රීයව කියන දේ නොතේරෙයි නම් අශාස්ත්‍රීයව හෝ කියා දිය යුතුය… කලාව යනු සිංහල බෞද්ධ සංස්කෘතියට සීමා වූ ලිං මැඩි අදහසක් ගෙන දෙන්නක් නොවේ යැයි සමහරෙකුට කිව හැක. එහෙත් කලාව යනු සිංහල බෞද්ධ සංස්කෘතියට සීමා නොවී බටහිර සංස්කෘතිය සරණ යාම දැයි මම ඔහුගෙන් අසමි. බුදුන්ට කිහිපවරක්ම පූජාකළ මෙම සිංහලද්වීපයේ සංස්කෘතිය සිංහල බෞද්ධ වෙයි. එම සංස්කෘතියේ මිණුම් දණ්ඩ නිවනයි. කලාව, දේශපාලනය, දර්ශනය, අධ්‍යාපනය යන සියල්ල එකී නිවන මිණුම් දණ්ඩ කොටගත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂ විය යුතුය. අනුකූල විය යුතුය.. එසේ අනුකූල වී අප ගීත නිර්මාණය ද කළ යුතුය..ඒ අතින් ගත් කළ “සිල් බිදී නුවන් කැළඔූ වනේ බිම නොළා නෙලූ ඵල මාවතේ ගිමන් නිවන ලෙස ආදරය කරන්නට අපට කියා දෙන” සුනිල් එදිරිසිංහ මහාතා වැනි ගායකයෝ මෙතේ බුදුන්ගේ සසුනට උරුම කියන බෝධිසත්ත්වවරුම වෙති..
-ඔබට තෙරුවන් සරණයි-
උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි.

Related posts

බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදුවූ නාගදීපය

colombotoday

“ඉතින් අවසරයි අපේ හාමුදුරුවනේ” – ඥානසාර හිමි වෙනුවෙන් පොඩි හාමුදුරු නමක් තැබූ සංවේදී සටහන

colombotoday

ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් නම් සරසවි ගමන සිහිනයක්‌මයි !

colombotoday

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

වෙනම රටක් ඉල්ලන ටී.එන්.ඒ සමඟ ව්‍යවස්ථා හැදීම

colombotoday

මුස්ලිම්වරු – ඉස්ලාම්වාදීහු – ජිහාඩ්වාදීහු: තේරුම් ගත යුතු වෙනස්කම්! – ඉස්ලාම් ආගමෙන් ඉවත්වූ රිෂ්වින් ඉස්මත් ලියයි

colombotoday